බෙදාගන්න Alpha හිදී ජීවිතය, ඇදහිල්ල, බලාපොරොත්තුව සහ යේසුස්

Alpha යනු කුමක්ද?

Alpha යනු සභාවල අවකාශයක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීමට භාවිතා කරන මෙවලමකි. එහිදී මිනිසුන් තම මිතුරන්ට ජේසුස් වහන්සේ පිළිබඳ සංවාදයකට ආරාධනා කිරීමට උනන්දු වෙති. Alpha ලොව පුරා සිටින සියලුම සම්ප්‍රදායන්ට අයත් කිතුනුවන්ට ඕනෑම තැනක පාහේ පවත්වාගෙන යා හැකිය – සභාවල ශාලාවක සිට අවන්හලක් හෝ අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වේ. අමුත්තන්ට සහ සභාවේ ප්‍රජාවන්ට කල්පවත්නා බලපෑමක් මෙය තුලින් ඇති කරයි.


රටවල් 140කට අධික සංඛ්‍යාවක සහ ලොව පුරා භාෂා 100කට එහා සංඛ්‍යාවකින් මිලියන 25කට නොඅඩු ජනතාවක් Alpha අත්විඳ ඇති බව අපි ගණන් බලා තිබෙනවා.

Alpha සැසියක් මොන වගේද?

සම්බන්ධතාවය

එය මුළුතැන්ගෙයි මේසයක් වටා එක්රැස් වූ මිතුරන් කණ්ඩායමක් වුවත්, ඉක්මන් මාර්ගගත මුනගැසීමක් වුවත්, සම්බන්ධ වීමේ වේලාවන් වැදගත් වේ. Alpha හි එය වෙනස් නොවේ.

ආහාර වේලක් පුද්ගලිකව හෝ මාර්ගගතව තේ කෝප්පයක් සමඟ වුවද, සියලු සැසි ආරම්භ වන්නේ සම්බන්ධයකට ප්‍රවේශ විමෙණි. විවේක ගැනීමට සහ මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට කාලය දීමෙනි

අන්තර්ගතය

Alpha කතා නිර්මාණය කර ඇත්තේ සෑම තරාතිරමකම පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට සහ සංවාදයට අනුබල දීමටය. ඔවුන් ජීවිතය සහ ඇදහිල්ල පිළිබඳ විශාල ප්‍රශ්න ගවේෂණය කරන අතර ක්‍රිස්තියානි විශ්වාසයේ මූලික කරුණු විශ්ලේෂණය කර, “යේසුස් යනු කවුද?”, “ඇයි සහ මම යාච්ඤා කරන්නේ කෙසේද?” සහ “දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න ගවේෂණය කරයි.

නරබන්න කතා සාරාංශය>

සාකච්ඡාව

ඕනෑම Alpha වල වැදගත්ම කොටස් වලින් එකකි: මාතෘකාව පිළිබඳ සිතුවිලි සහ අදහස් බෙදා ගැනීමට කුඩා කණ්ඩායමක් තුළ සාකච්ඡා කිරීමට අවස්ථාව. කිසිවක් පැවසීමට බැඳීමක් නොමැති අතර ඔබට පැවසිය නොහැකි කිසිවක් නොමැත.

එය අවංක, මිත්‍රශීලී සහ විවෘතව කෙරෙන අතර, අන් අයගෙන් ඇසීමට සහ ඔබේම ඉදිරිදර්ශනයට දායක වීමට අවස්ථාවකි.



Alpha ක්‍රියාත්මක කරන ක්‍රමවේද 3

පුද්ගළිකව

සභාවල, ආපනශාලාවල, බන්ධනාගාරවල, පාසල්වල, නිවසේ, මිනිසුන්ට රැස්විය හැකි ඕනෑම තැනක, Alpha ක්‍රියාත්මක කරන්න පුළුවන්.

ඔබට එකට ආහාර වේලක් භුක්ති විඳීමට, Alpha කතා එකට නැරඹිය හැකි අතර ආරක්ෂිත සහ අවංක සංවාදයක් සඳහා මේසයක්, පන්ති කාමරයක් හෝ විවේකාගාරයක් වටා වාඩි විය හැකිය.

මාර්ගගතව

Alpha ඔන්ලයින් කෙතරම් ඵලදායී දැයි ඔබ දැන සිටියාද? COVID-19 තෙක්, Alpha සියල්ල පුද්ගලිකව ක්‍රියාත්මක කරන ලදී. නමුත් දැන් ලොව පුරා සභා විවිධ හේතු නිසා පුද්ගලිකව හමුවීමට නොහැක්කන් සඳහා Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කරයි

ඇල්ෆා ඔන්ලයින් ගැන වැඩි විස්තර දැනගන්න >

පුද්ගළිකව සහ මාර්ගගතව

Alpha අනුවර්තනය වේ. වාතාවරණය වෙනස් වුවහොත් ඔබේ සහභාගිවන්නන්ට පහසුවෙන් සබැඳිව ගමන් කිරීමට හැකි වන පරිදි ඔබට පූර්ණ විශ්වාසයකින් යුතුව Alpha පුද්ගලිකව ආරම්භ කළ හැක.

ශුභාරංචිය 100% නොමිලේ. Alpha ද එසේමය!

Alpha ක්‍රියාත්මක කරන්න සූදානම්ද?

Skip to content