Alpha අන්තර්ජාලය හරහා

Alpha යනු ඔබගේ ප්‍රජාව තුළ සිටින පුද්ගලයින්ට ශුභාරංචිය සමඟ සම්බන්ධ කර ගැනීමට උපකාර වන නොමිලේ ලබා දෙන භාවිතයට පහසු මෙවලමකි. කථාංග මාලාවක් නැරඹීමට සහ ක්‍රිස්තියානි ඇදහිල්ල, එකට ගවේෂණය කිරීමට මිනිසුන්ට සබැඳිව අන් අය සමඟ සම්බන්ධ වීමට එය අවකාශයක් නිර්මාණය කරයි.

සාමාන්‍යයෙන් සභාවට නොපැමිණෙන පුද්ගලයින් සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්න

Alpha අන්තර්ජාලය හරහා සහ පුද්ගලිකව මුණ ගැසී කරන්නාවූ Alpha එකම අන්තර්ගතය භාවිතා කරයි, එකම වෙනස වන්නේ එය සම්පුර්ණයෙන්ම ඩිජිටල් අවකාශය ඔස්සේ ක්‍රියාකරවීමයි. කතාවට පෙර අමුත්තන් සමඟ ඔව්න් ඉන්නා ස්ථානයෙන් ආහාර වේලක් බෙදා ගැනීමේ විකල්පය අනුගමය කරයි. තවද කුඩා කණ්ඩායම් සාකච්ඡාව සහ කතාව ඒ ආකාරයෙන්ම පවතී.

Alpha අන්තර්ජාලය හරහා සභාවල් වලට සුභාරංචි සේවය නව අවකාශයකට ගෙන යාමට ඉඩ සලසයි – එනම් ඩිජිටල් අවකාශයයි. වැඩි පිරිසකට ශුභාරංචිය ඇසීමට අවස්ථාව නිර්මාණය කිරීමටත් සහ සභාව සවිබල ගැන්වීමෙන් එය තව තවත් පුළුල් කිරීමට මාර්ගය විවෘත කරයි.

Alpha හි අඩංගු කාරණා තුන

සම්බන්ද වීම

සාකච්චාව තුළින් එකිනෙකා දැන හදුනා ගැනීම

අන්තර්ගතය

Alpha චිත්‍රපට තුළින් එකට එක්වී ඉගෙන ගැනීම

සාකච්ඡාව

සෑම කෙනෙකුටම ඔවුන්ගේ අදහස් සහ ප්‍රශ්න බෙදා ගැනීමට අවස්ථාවක් තිබේ

අන්තර්ජාලීය අත්දැකීම

Alpha අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කර ඇති සභා වල සහභාගී වූ අමුත්තන්ට සහ නායකයින්ට මෙය තුළින් සැලකිය යුතු වර්ධනයක් සහ බලපෑමක් ඇති කර තිබේ.

“අන්තර්ජාලීය කුඩා කාමර වල (කුඩා කණ්ඩායම්) නොකඩවා පැමිණීම සහ සාකච්චාවේ විනිවිදභාවයෙන් අප පුදුමයට පත් විය. අප කලා වූ මාර්ගගත පාඨමාලාවෙන් හය දෙනෙක් බව්තීස්ම වීමට තීරණය කළේය. අන්තර්ජාලය හරහාද දෙවියන් වහන්සේ ක්‍රියා කරයි.” -වෙස්ට්මිනිස්ටර් චැපල්, ඇමරිකා එක්සත් ජනපදය

  • Alpha ඔන්ලයින් ඔබේ සභාවට සාමාන්යෙන් නොපැමිණෙන පුද්ගලයින්ට වෙනත් ආකාරයකින් Alpha කිරීමට දොර විවර කරයි.
  • සෑම සැසියකටම පසුව එම ආරාධිතයන් යලි යලිත් නොකඩවා නැවත පැමිණීමට වැඩි ඉඩක් ඇත
  • Alpha ඔන්ලයින් තරුණයින් විශාල උවමනාවකින් සම්බන්ධ කර ඔව්න්ව බලමුලු ගන්වයි.
  • Alpha ඔන්ලයින් ඔබේ සභාවේ දිගුකාලීන ගෝලයන් සහ නායකයන් වර්ධනය කරයි.
  • Alpha ඔන්ලයින් අවම සම්පත් භාවිතයෙන් ඉක්මනින් බලමුලු ගැන්විය හැක.

සභා දහස් ගණනක් Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කර ඇත, අදම ඔබත් එය අත්හදා බලන්නැත්තේ ඇයි?
වැඩි විස්තර දැන ගැනීමට දැන් අපව හෝ ඔබේ ජාතික ඇල්ෆා කාර්යාලය අමතන්න.


පුහුණුව

Alpha පුහුණුව දැනට අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන අතර ලොව පුරා එය සිදු වේ. ඔබේ ප්‍රදේශයේ පුහුණුව පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබේ ජාතික ඇල්ෆා කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න.


පූර්ව ආරක්ෂාව සඳහා පියවර

දේශීයව නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගත වීමට අමතරව, අපගේ සියලුම Alpha පාඨමාලා ඔන්ලදේශීයව නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගත වීමට අමතරව, අපගේ සියලුම Alpha පාඨමාලා ඔන්ලයින් ක්‍රියාත්මක වන අතර, සභාවේ ප්‍රජාවන්ට අන්තර්ක්‍රියාකාරී සැසි මාලාවක් පැවැත්විය හැකි ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අපගේ කැපවීමයි – මෙයට අවශ්‍ය නිදහස් හා ආරක්ෂිත පරිසරය ගොඩනැගීම සැමවිට අපගේ අරමුණයි. කරුණාකර අපගේ නිර්දේශ බලන්න:

Alpha සහ යෞවනයන්ට Alpha ඔන්ලයින්/ඊ-ආරක්ෂාව සහතික කිරීමටත් පුර්ව දැනුමෙන් සහ වගකීමෙන් අවශ්‍ය සියලුම පියවර ගැනීමට අප සැමවිට කැපවී සිටී. කරුණාකර වැඩි විස්තර මෙතැනින් බලන්න.

ඊ-ආරක්ෂාව සහ රැකවරණය

ඔබ Alpha හෝ යෞවනයන්ට Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කරන්නේ නම්, කරුණාකර සභාවේ හෝ නිකායේ ඔන්ලයින්/ඊ-ආරක්ෂාව පිළිබඳ දැනුවත් සහ නිපුණ බව සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්න.

අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ආරක්ෂාව

ඊ-ආරක්ෂාව යනු ජංගම දුරකථන, පරිගණක (ලැප්ටොප්, නෝට්බුක්, ටැබ්ලට් ඇතුළුව) සහ ක්‍රීඩා කොන්සෝල ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග, සන්නිවේදනය සහ අන්තර්ජාලයට ප්‍රවේශ වීම, ඊමේල්, කෙටි පණිවිඩ, ආදිය භාවිතා කිරීම සම්බන්ධ (අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම) සඳහා වන සාමූහික යෙදුමයි. ක්ෂණික පණිවිඩ යැවීම, සමාජ ජාල වෙබ් අඩවි සහ වෙනත් සමාජ මාධ්‍ය.

ආරක්ෂිත පරිසරයක් පවත්වා ගන්න

සියලුම පල්ලි, පරිපාලකයින්, සත්කාරකයින් සහ සහායකයින් ආරක්ෂිත සබැඳි පරිසරයක් තබා ගැනීමට උනන්දු වීම වැදගත් වේ. කළ යුතු දේ, නොකළ යුතු දේ පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සහ මෙම මාතෘකාව පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර මෙහි ක්ලික් කරන්න.

ඩිජිටල් විසඳුම්

සභාවලට Alpha පාඨමාලාවක් භෞතිකව (මුහුණට මුහුණ එක් ස්ථානයක රැස් වී) පවත්වාගෙන යාමට නොහැකි නම්, අපි Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කරමු. මෙම අනපේක්ෂිත කාල පරිච්චේදය තුළ සභාව නව්‍යකරණයට යොමුවන විට දෙවියන් වහන්සේට ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් වෙත ළඟා විය හැකි බව අපි තරයේ විශ්වාස කරමු.

1. මාර්ගගත විසඳුමක් සොයන්න

සභාවලට චිත්‍රපටයක් විකාශය කිරීමට සහ සාකච්ඡා කාලයක් ගත කිරීමට ඉඩ සලසන බොහෝ විශිෂ්ට විසඳුම් මාර්ගගතව භාවිතා කළ හැක. අපි නිර්දේශ කරන සමහර සේවාවන් නම් Zoom, Google Hangouts, සහ Skype වේ.

*අපි 2022 ජනවාරි මාසයේදී Alpha Now දියත් කරන බව නිවේදනය කිරීමට සතුටු වෙමු – උද්යෝගිමත් Alpha අත්දැකීමක් සඳහා MyAlpha සමඟ ඒකාබද්ධ වන අපගේම වීඩියෝ සම්මන්ත්‍රණ වේදිකාව.

2. ආකෘතිය තීරණය කරන්න

විකල්ප 1: වීඩියෝව/කතා කිරීම සඳහා සියලුම සහභාගිවන්නන් එක් වෙබ් සම්මන්ත්‍රණයකට ඇමතීමට සලස්වන්න. වීඩියෝව/කතාව අවසන් වූ පසු, තනි කණ්ඩායම් වලට වෙන් වන්න (break out). සියලුම වෙබ් සම්මන්ත්‍රණ සේවා මේ සඳහා ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න. Zoom සතුව මෙම හැකියාව ඇත. Alpha සහභාගිවන්නන් මුළු සංඛ්‍යාව 75 ට අඩු නම් පමණක් මෙම ආකෘතිය භාවිතා කිරීමට අපි නිර්දේශ කරමු. ඔබේ කණ්ඩායම විශාල නම් නිවැරදි කුඩා කණ්ඩායම් වෙත සියලු දෙනාම පැවරීම තරමක් අපහසු කාර්‍යයක් විය හැක.

විකල්ප 2: සියලුම සත්කාරක නායකයන් වෙත සතිපතා වීඩියෝව ලබා දී ඔව්න්ට තමන්ගේම වෙබ් සම්මන්ත්‍රණයකට සම්බන්ධ කර ගන්න අවස්ථාව සලසන්න. Alpha සහභාගිවන්නන්ගේ මුළු සංඛ්‍යාව 75 ට වැඩි නම් මෙම ආකෘතිය භාවිතා කිරීම අපි නිර්දේශ කරමු.

3. Alpha සති අන්තය

කුඩා කණ්ඩායම් වශයෙන් හමුවීමට හැකි නම්, එක් දිනයක් හෝ සති අන්තයක් ගත කිරීම ගැන සලකා බලන්න. මෙම අවස්ථාව වන විට අමුත්තන්ට සැබවින්ම පෞද්ගලිකව හමුවීමට අවශ්‍ය වන අතර ඩිජිටල් නොවන ආකෘතියකට ඉතා විවෘතව සිටි බව සභාවන් සොයාගෙන ඇත.

ඔන්ලයින් සති අන්තයක් කරන්නේ නම්, අපේ නිර්දේශ:

1. වීඩියෝ තුනම එක දවසකින් බලන්න

2. අව්‍යාජ සහ පුද්ගලික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සජීවී හෝ පූර්ව-වාර්තාගත සාක්ෂි ඇතුළත් කරන්න

3. දවසට විනෝදජනක අංග එක් කිරීමට වග බලා ගන්න. සමීක්ෂණ, ක්‍රීඩා, හාස්‍යජනක වීඩියෝ. දවස විවිධ විය යුතු අතර අනවශ්‍ය කාල ප්‍රමාද නොවිය යුතුය.

4. යාච්ඤා සේවය

යාඥා සේවය සම්බන්ධයෙන් සෑම සත්කාරකයෙකුටම තමන්ගේ කණ්ඩායම තුළ ක්‍රියා කිරීම අපි නිර්දේශ කරමු:

1. කුඩා කණ්ඩායම්වලට වෙන් වී එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න

2. එක එක්කෙනා සමග වෙන්ව යාච්ඤා කරන්න

3. කතාබස් හෝ විද්‍යුත් තැපෑල හරහා කණ්ඩායම් සත්කාරකයන්ගෙන් යාච්ඤාවක් ඉල්ලා සිටීමට අමුත්තන්ට ආරාධනා කරන්න. යාච්ඤාවක් සඳහා වේලාව සැකසීමට කණ්ඩායම් සත්කාරකයන්ට තනි තනිව අමුත්තන් වෙත ළඟා විය හැක.


අපි Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කරන විට අපි පුදුමයට පත් විය, සාමාන්‍යයෙන් අපට 35-40ක් සහභාගී වන සැසියකට සමහර විට පුද්ගලයන් 50ක් ලියාපදිංචි වී සිටි අතර, මෙවර අපට පුද්ගලයින් 150ක් ලියාපදිංචි විය. දෙවියන් වහන්සේ කරන දේ සහ දෙවියන් වහන්සේ අපව ගෙන යන ආකාරය ගැන මම සතුටු වෙමි. Alpha එතරම් ඵලදායී මෙවලමකි. එය නව ඇදහිලිවන්තයන් ගොඩනඟයි, වැඩිහිටි ඇදහිලිවන්තයන් හට උපදෙස් දෙයි, සහ එන්නාවූ මිත්‍රයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු මෙන්ම ප්‍රශ්න ඇසීමට ආරක්ෂිත ස්ථානයක් සකසයි. පූර්ව ක්‍රිස්තියානින් එය සාදරයෙන් පිළිගනී.

Ps David King,
Evangelical Church of Bangkok, Thailand

එය ශාරීරිකව මුණ නොගැසීමේ චින්තනය වෙනස් කර ඇත, එමෙන්ම අන්තර්ජාලයේ හමුවීම පවා, එය සැබවින්ම ඵලදායී විය.

Ps Brian Anderson,
Light of the World Church, Chandigarh, India

පසුගිය සති කිහිපය තුළ සභාවට රැස් වීමට නොහැකි වුවද, Alpha ඔන්ලයින් වලට ස්තුතිවන්ත වන්නට අපි තවමත් ශුභාරංචිය බෙදා ගැනීමට දිගටම සමත් විය. ඊයේ දින Alpha ඔන්ලයින් හි අපගේ එක් අමුත්තෙක් අප සමඟ දේව මෙහෙයට සම්බන්ධ වී තම ජීවිතය යේසුස් වහන්සේට කැප කළාය.

Ps Joseph Hung,
Word of Life Church, Hanoi, Vietnam

ශුභාරංචිය බෙදා ගැනීමට මෙවලමක් ලෙස Alpha ඔන්ලයින් භාවිතා කිරීම සභාවට පහසුවෙන් කළ හැකිය. පළමුව, භෞතික පිහිටීම අවශ්‍ය නොවේ. ආහාර පිළියෙල කිරීම අවශ්‍ය නොවේ. එය පිරිවැය ඉතිරි කිරීමකි. ලැප්ටොප් එකක් හෝ දුරකථනයක් පමණක් සමඟින්, ඔබට Alpha ඔන්ලයින් ක්‍රියාත්මක කළ හැක.

Rev Joe Wong,
Quarry Bay Baptist Church, Hong Kong

සම්පත්

කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ නැති විට? අප හා සම්බන්ධ වන්න!

තවත් ගවේෂණය කරන්න

සොයන්න ඔබ ලග Alpha එකක්

ඔබ ලග ක්‍රියාත්මකවන්නාවූ Alpha එකකට සහභාගී වන්න

සොයන්න ඔබ ලග Alpha එකක්

සාකච්ඡාවේ පෙරදසුන් නරබන්න

Alpha talks කථාංග පෙරදසුන් නරබන්න

සාකච්ඡාවේ පෙරදසුන් නරබන්න

Alpha කථා

Alpha අමුත්තන්ගේ සාක්ෂි

Alpha කථා

Skip to content