Alpha ගැන

සභාව මගින්, සභාව සදහා, සභාව තුළින්

Alpha 1977 දී ලන්ඩනයේ Holy Trinity Brompton (HTB) නම් දේවස්ථානයකින් ආරම්භ විය, එය 1990 දී Nicky Gumbel විසින් ගෙන සභාවෙන් පිටත සිටින අය සඳහා පාඨමාලාවක් ලෙස නැවත ස්ථානගත කරන ලදී. HTB හි Alpha වෙත පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සිය ගණනක් දක්වා වේගයෙන් වර්ධනය වූ අතර, එවැන්ජලිස්ත සේවය සඳහා ඵලදායී මෙවලමක් සොයා ගැනීමට උත්සාහ කරන නිකායන් හරහා අනෙකුත් සභාවලත් අවධානය හා ආකර්ෂණය ඇති විය.

මෙය 1993 දී HTB හි පැවති පළමු Alpha සම්මන්ත්‍රණයට හේතු වූ අතර එහිදී සභා නායකයින් 1000 කට වැඩි පිරිසක් Alpha ගැන සහ එය ඔවුන්ගේ සභාව තුළ භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමට සහභාගී වූහ. උනන්දුව වැඩි වීමත් සමඟ Alpha සම්මන්ත්‍රණ ජාත්‍යන්තරව සංවිධානය කරන ලද අතර මුල් Alpha චිත්‍රපට මාලාව 1994 දී රූගත කරන ලද අතර පුළුල් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ වීමට හැකි ආකාරයට ඉඩ සැලසිය.

දැන් ලොව පුරා මිලියන ගණනක් ජනයා Alpha අත්විඳ ඇති අතර එය විවිධ භාෂා 100 කට වඩා පරිවර්තනය කර ඇත. Alpha කතාන්දර අද ප්‍රේක්ෂකයින් සඳහාද, Alpha චිත්‍රපට මාලාව නැවත යාවත්කාලීන කර ඇත, Alpha යූත් සීරීස් ශුභාරංචිය සමඟ තරුණ පරම්පරාවකට ළඟා වීමට නිර්මාණය කරන ලදී. කාලය වෙනස් වී ඇතත්, Alpha පාඨමාලාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සමඟ ලෝකයා වෙත ළඟා වීමට ඵලදායී මෙවලමක් ලෙස සභා විසින් දිගටම භාවිතා කරයි.

2020 දී Alpha පාඨමාලා මාර්ගගත විය. සභාවලට දැන් අන්තර්ජාලීය ක්‍රම හරහා Alpha සැසි මාර්ගගතව, ක්‍රියාත්මක කිරීමට හැකි වේ. Alpha ඔන්ලයින් ගැන තව දැනගන්න.

අපි එකමුතුකමට ලැදියි

Alpha පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ සියලුම නිකායන් එකඟ වන අත්‍යවශ්‍ය කරුණු අවධාරණය කිරීමට ය. අපව බෙදන දෙයට වඩා අපව එක්සත් කරන දෙය අසීමිත ලෙස විශාල බව අපි විශ්වාස කරමු. Alpha පාඨමාලාව ප්‍රාදේශීය සභාව මගින් සහ ඒ හරහා සිදු කරන විට එවැන්ජලිස්ත සේවය වඩා ඵලදායී වෙයි. ක්‍රිස්තියානි ඇදහිල්ලේ අත්‍යවශ්‍ය දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, එය ඕනෑම සන්දර්භයක පාහේ Alpha භාවිතා කිරීමට දොර විවර කරයි, එවිට සෑම කෙනෙකුටම තම මිතුරන්ගේ ජීවිත ශුභාරංචිය මගින් පරිවර්තනය වනු දැකීමට අවස්ථාව ලැබේ.

සභාවට හොඳම දේ ලැබිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු

අපගේ ඉලක්කය වන්නේ යේසුස් වහන්සේ පිළිබඳ සංවාදයක් සඳහා මිනිසුන් තම මිතුරන් රැගෙන ඒමට උද්යෝගිමත් වන අවකාශයක් නිර්මාණය කිරීමට උපකාර වන සම්පත් සහ මෙවලම් සමඟින් සභාවට අඛණ්ඩව සහාය වීමයි. Alpha ෆිල්ම් සීරීස් සහ Alpha යූත් සීරීස් සති කිහිපයක් පුරා ඇදහිල්ලේ ගමනක් සඳහා අමුත්තන් රැගෙන යාමට සැලසුම් කර ඇත. සෑම සැසිය ක්ම පහසුවෙන් අනුගමනය කළ හැකි ආකාරයෙන් ශුභාරංචියේ ප්‍රධාන අංගයක් ආවරණය කරන අතර, මිනිසුන්ට ජීවිතය, ඇදහිල්ල සහ දෙවියන් වහන්සේ පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්න ගවේෂණය කිරීමට ඉඩ සලසයි.

අපි ඔක්කොම සපයනවා

අපගේ ඉලක්කය වන්නේ යේසුස් වහන්සේ පිළිබඳ සංවාදයක් සඳහා මිනිසුන් තම මිතුරන් රැගෙන ඒමට උද්යෝගිමත් වන අවකාශයක් නිර්මාණය කිරීමට උපකාර වන සම්පත් සහ මෙවලම් සමඟින් සභාවට අඛණ්ඩව සහාය වීමයි. Alpha ෆිල්ම් සීරීස් සහ Alpha යූත් සීරීස් සති කිහිපයක් පුරා ඇදහිල්ලේ ගමනක් සඳහා අමුත්තන් රැගෙන යාමට සැලසුම් කර ඇත. සෑම සැසියක්ම පහසුවෙන් අනුගමනය කළ හැකි ආකාරයෙන් ශුභාරංචියේ ප්‍රධාන අංගයක් ආවරණය කරන අතර, මිනිසුන්ට ජීවිතය, ඇදහිල්ල සහ දෙවියන් වහන්සේ පිළිබඳ ඔවුන්ගේ ප්‍රශ්න ගවේෂණය කිරීමට ඉඩ සලසයි.

Skip to content