Alpha යනු මනුෂ්‍යන් හට ජීවිතය, ඇදහිල්ල සහ අරුත ගවේෂණය කළ හැකි ආරක්ෂිත සහ අවංක අවකාශයක්, මාර්ගගතව හෝ පෞද්ගලිකව ක්‍රියාත්මක කළහැකි, අන්තර්ක්‍රියාකාරී සැසි මාලාවකි.




Alpha යනු ජීවිතය සහ ක්‍රිස්තියානි ඇදහිල්ල ගවේෂණය කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ ඔවුන්ගේ දෘෂ්ටිකෝණය බෙදා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට විවෘත පරිසරයකි. Alpha අය කිරීමකින් තොර වන අතර සහ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු.

අපේක්ෂා කළ යුත්තේ කුමක්ද?

ක්‍රමවේදය

ආහාර වේලක් හෝ තේ කෝප්පයක් සමඟ (අන්තර්ජාලය හරහා) හෝ, සියලු සැසි ආරම්භ වන්නේ සම්බන්ධ තාවයකට විවෘත කරමිනි, මෙය විවේකීව මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට කාලයකි.

අන්තර්ගතය

Alpha කතා, නිර්මාණය කර ඇත්තේ සංවාදයට අනුබල දීම සඳහා ය. ඒ තුළින් ජීවිතයේ සහ ඇදහිල්ල පිළිබඳ විශාල ගැටලු ගවේෂණය කරයි, “යේසුස් යනු කවුද?”, “ඇයි සහ මා යාච්ඤා කරන්නේ කෙසේද?” සහ “දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න ගවේෂණය කරයි.

සාකච්ඡාව

Alpha වල වැදගත්ම කොටස් වලින් එකකි: මාතෘකාව පිළිබඳ සිතුවිලි සහ අදහස් බෙදා ගැනීමට සහ කුඩා කණ්ඩායමක් තුළ සාකච්ඡා කිරීමට අවස්ථාව. කිසිවක් පැවසීමට බැඳීමක් නොමැති අතර ඔබට පැවසිය නොහැකි කිසිවක් නොමැත.

සොයන්න ඔබ ආශ්‍රිතයේ ක්‍රියාත්මක වන Alpha

Alpha ලොව පුරා ක්‍රියාත්මක වන අතර. සොයන්න ඔබ ආශ්‍රිතයේ ක්‍රියාත්මක වන Alpha. පළමු සැසිවාරයෙන් පසු ආපසු නොපැමිණීමට ඔබ තීරණය කරන්නේ නම් කිසිදු වියදමක්, පීඩනයක් හෝ පසු විපරම් කිරීමක් නොමැත. Alpha වැඩසටහනක් සාමාන්‍යයෙන් සති 9-12 අතර කාලයක් පවතී.




Contact Us

FAQ

Alpha කා සදහාද?

Alpha අවංක සංවාදයකට ඇතුලු වීමට කැමති සෑම කෙනෙකුටම වේ. ඔබේ පසුබිම, ඉතිහාසය හෝ විශ්වාසයන් කුමක් වුවත්, ඔබව අපි සාදරයෙන් පිලිගන්නවා.

Alpha වලදී සිදුවන්නේ කුමක්ද?

සෑම Alpha වැඩසටහනක්ම වෙනස්ය නමුත්, මූලික ගුණාංග එලෙසම පවතී. එකිනෙකා සමඟ සම්බන්ධ වීමට කාලයක්, එය ඇරබෙන්නේ ආහාර වේලක්, සුලු කෑමක් හෝ තේ සංග්‍රහයකිනි. පසුව, අපි එකට වීඩියෝවක් නරබන්නෙමු, ඉන්පසුව අපි සංවාදයක් පවත්වන්නෙමු, එහිදී ඔබ සිතන දේ බෙදා ගන්නට අවකාශය සැලසේ.

ඔබට අවශ්‍ය දේ ප්‍රමාණවත් ලෙස හෝ අඩුවෙන් පැවසිය හැකි අතර, කිසිවක් සීමා නොවේ.

Alpha සඳහා කොපමණ මුදලක් වැය වේද?

Alpha ක්‍රියාත්මක කිරීමට කිසිම මුදලක් අය නොකෙරේ

Alpha පාඨමාලාවකට කොපමණ කාලයක් අවශ්‍යද?

Alpha යනු සැසි මාලාවක් වන අතර, සාමාන්‍යයෙන් සති 9-12 අතර කාලයක් තුළ ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, එක් සතියක් සඳහා ඔබ පැමිණ එය ඔබට සුදුසු දැයි බැලීමට ඔබව පිළිගන්නෙමු. නොකඩවා පැමිණීමට පීඩනයක් නොමැත.

මම ඇල්ෆා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

Alpha සඳහා ලියාපදිංචි වීමට ඉහත ‘Alpha එකක් සොයන්න’ ලින්ක් එක භාවිත කරන්න, නැතහොත් සම්බන්ධතා පෝරමය හරහා සම්බන්ධ විය හැක, එවිට Alpha Asia Pacific කණ්ඩායමට ඔබ අසල ඇති Alpha පාඨමාලාව වෙත ඔබව සම්බන්ධ කරයි.

Skip to content